Latest News

ශ්‍රී ලංකාවේ යුද හමුදා කඳවුරක් නිරෝධායනය කරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සෙබළුන් පිරිසකට උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් කඳවුරේ සෙබළුන් කඳවුර තුළම නිරෝධායනය කිරීමට කටයුතු කොට තබෙන බව යුද හමුදාව පවසනවා.

කඳවුරේ සෙබළුන් 25 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකට මෙම උණ රෝගී තත්ත්වය වැලඳී ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

උණ රෝගයට ගොදුරු වු සෙබළුන් පිරිසක් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් එක් සෙබළෙකු IDH රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව සඳහන්.

කඳවුර තුළ සිටින තවත් සෙබළුන් 500කට ආසන්න ප්‍රමාණයක් කඳවුර තුළම නිරෝධායනය කිරීමට අවශය පියවර ගෙන ඇති බව මන්නාරම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ සඳහන් කර තිබෙනවා.

පසුගිය 11වනදා සිට උණ රෝගය පැතිරී යාම සිදුව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

World News