Latest News

🔴 𝗕𝗥𝗘𝗔𝗞𝗜𝗡𝗚 𝗡𝗘𝗪𝗦: අද දිනයේදී දිවුරුම් දුන් අභිනව අමාත්‍ය මණ්ඩලය මෙන්න

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) පෙරවරු 10.00ට දිවුරුම් දුන්නා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදීයි.

කැබිනට් අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් ද මෙහිදී දිවුරුම් දීම සිදු කෙරුණා.

නව රජයේ අමාත්‍ය මණ්ඩලය සංඛ්‍යාව උපරිමය 25කට සීමාවනු ඇති අතර එමෙන්ම අග්‍රාමාත්‍ය ධුරයේ ද වෙනසක් සිදුනොකිරීමට ද ජාතික ජන බලවේගය පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නව රජයේ අග්‍රමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසුරිය දිවුරුම් දුන්නා.

අද දිනයේදී දිවුරුම් දුන් අභිනව අමාත්‍ය මණ්ඩලය පහතින්…

01. ආචාර්ය හරිනි අමරසුරිය – අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශය

02. විජිත හේරත් – විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය

03. චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන හා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය

04. නීතිඥ හර්ෂණ නානායක්කාර – අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍යංශය

05. සරෝජා සවිත්‍රි පොල්රාජ් – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය

06. කේ.ඩී.ලාල් කාන්ත – කෘෂි කර්ම හා පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශය

07. අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන සහ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශය

08. රාමලිංගම් චන්ද්‍රසේකර – ධිවර හා ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශය

09. උපාලි පන්නිලගේ – ග්‍රාමිය සංවර්ධන, සමාජ ආරක්ෂණ අමාත්‍යංශය

10. සුනිල් හදුන්නෙත්ති – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය

11. ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය

12. බිමල් රත්නායක – ප්‍රවාහන මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය

13. මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි – බුද්ධ ශාසන, ආගමික, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය

14. වෛද්‍ය නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය

15. සමන්ත විද්‍යාරත්න – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය

16. සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු සහ ක්‍රිඩා අමාත්‍යංශය

17. වසන්ත සමරසිංහ – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශය

18. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය

19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු අමාත්‍යංශය

20. ඉංජිනේරු කුමාර ජයකොඩි – බලශක්ති අමාත්‍යංශය

21. වෛද්‍ය ධම්මික පටබැදි – පරිසර අමත්‍යංශය

World News