ශ්‍රී ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු මහ මැතිවරණයක දී තනි පක්ෂයක් ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව හිමිකරගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක නායකත්වය දරණ ජාතික ජන බලවේගයට මෙවර මහ මැතිවරණයේ දී හැකියාව ලැබුණා.
ඒ, අනුව 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ද ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව දැක්වෙන්නේ 6,863,186 ක් ලෙසටයි.
එය ප්‍රතිශතයක් ලෙස 61.56%ක අගයක් ගනු ලබනවා.
මීට පෙර 2020 වසරේ පැවති මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 6,853,693 ක් ලබාගත්තේ 59.09%ක ප්‍රතිශතයක් හිමිකර ගනිමින්.
මේ අතර 2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු ආසන 150කට අසන්න සංඛ්‍යාවක් හිමිකරගෙන සිටිනවා.
මේ අතර පාර්ලිමේන්තුවේ දෙවැනි වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ඇත්තේ සමගි ජන බලවේගය වන අතර ඔවුන් විසින් දිනා ඇති පාර්ලිමේන්තු ආසන ගණන 31ක්.
මේ වන විට පාර්ලිමේන්තුවේ තුවැනියට වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ඇත්තේ ඉලංකෙයි තමිල් අරසු පක්ෂය වන අතර ඔවුන් දිනා ඇති මන්ත්‍රී ආසන ගණන 06ක්.