2025 වසරේ වැලන්ටයින් දිනයේ නිකුත් කිරීමට නියමිත මාර්වල් ස්ටූඩියෝස් හි Captain America Brave New World චිත්‍රපටයේ අධ්යක්ෂවරයාගේ සහකාරවරයා ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලාංකික රජීව් කෝල්ටන්ට අවස්ථාව ලැබී තිබෙනවා.
චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජුලියස් ඔනා විසින් මෙම අවස්ථාව ලබාදීම හරහා රජීව්ගේ හොලිවුඩ් ගමනට නිහතමානී ආරම්භයක් ලබා දී තිබෙන බවයි විචාරකයන් පවසන්නේ.
ශ්‍රී ලංකාවේ ස්ටැෆර්ඩ් අන්තර්ජාතික පාසලෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළ රජීව් එවැන්ජල් විශ්වවිද්‍යාලයෙන් සහ එක්සත් ජනපදයේ චැප්මන් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළා.
වයස අවුරුදු 6 දී ඇති වූ ආශාවක් අනුව වසර ගණනාවක් පුරා ඔහු වෘත්තීය ජීවිතය වර්ධනය කර ගැනීමට කැපවූ වූ අතර ඒ යටතේ විවිධ පිළිගැනීම්, සම්මාන සහ ඇගයීම් සිය ජීවිතයට එකතු කර ගැනීමට සමත්වී තිබෙනවා.
වයස අවුරුදු 32 දී මල්ලා ප්‍රොඩක්ෂන්ස් ආරම්භ කළ රජීව් YAMU TV හි පළමු වීඩියෝ නිෂ්පාදකයා වුණා.
ඔහු Nike, Robins Brothers, ඉරාන චිත්‍රපට නිෂ්පාදක Asghar Farhadi, Proximity Media, සහ දැන් මාර්වල් ස්ටූඩියෝස් වැනි අන්තර්ජාතිකව පිළිගත් ආයතන රැසක් සමඟ ද කටයුතු කර තිබෙනවා.
ඔහුගේ හොලිවුඩ් වෘත්තීය ජීවිතය තවමත් ආරම්භයේ තිබුණ ද ඔහුගේ විවිධ දක්ෂතා සහ කුසලතා අන්තර්ජාතිකව පිළිගැනීමට ලක්ව තිබෙනවා.
ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇකඩමි සම්මානලාභියා බවට පත්වනු ඇති බවට බොහෝ දෙනෙකු තුළ බලාපොරොත්තු දල්වා සිටිනවා.

