Latest News

🔴 BREAKING NEWS : ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල දැනෙන්න අඩුවෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සැළකිය යුතු ලෙස පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුවයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 283ක් වනු ඇති.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 319ක්.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 183ක්.

මේ අතර සිපෙට්කෝ මිලට සමාන වන පරිදි LIOC ඉන්ධන මිලත් සංශෝධනය කෙරෙනු ඇති.

World News

Send your contact Details Today