Latest News

ශ්‍රී ලංකාවට දුර්ලභ වල්ගා තරුවක් දර්ශනය වෙයි

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ දිනවල අලුයම 5න් පසු නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගා තරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරනවා.

චීනයේ purple mountain observatory සහ NASA හි Asteroid Terrestrial – Impact Last Alert System (ATLAS) විසින්‌ 2023 ජනවාරි 9 වන දින සොයා ගන්නා ලද C/2023 A3 වල්ගා තරුව මෙලෙස දර්ශනය වනවා.

ක්ෂිතිජයට ඉතාමත්‌ සමීපයෙන්‌ දර්ශනය වීම සහ පවතින ආලෝක දුෂණ තත්ත්වයන් නිසා මෙම වල්ගා තරුව නිරීක්ෂණය කිරීම තරමක්‌ අපහසු වන බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසන්නේ.

මෙම වල්ගා තරුව ඔක්තෝබර්‌ 2 සහ 15 අතර දිනයන්හි දී උපරිම දීප්තියට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එම අවස්ථාවේදී එහි දෘශ්‍ය, විශාලත්වය 46ක්‌ පමණ බව එම ආයතනය සඳහන් කරනවා.

ඔක්තෝබර්‌ 12 වෙනිදායින් පසු මෙම වල්ගා තරුව හිරු බැස යාමෙන්‌ පසුව බටහිර අහසේ දර්ශනය වනු ඇතැයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවනවා.

මෙම වල්ගා තරුව නැවත දර්ශන වන්නේ අවුරුදු 80,000කට පසුව බව ආතර් සී ක්ලාක් ආයතනයේ, තාරකා විද්‍යා අංශයේ, පර්යේෂණ විද්‍යාඥ තීක්ෂණ ප්‍රියදාස මහතා සඳහන් කළා.

World News