Latest News

හෙට දිනයේදී ශ්‍රී ලංකාවේ සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වයස අවුරුදු 12 න් පහළ සියලු ළමුන්ට හෙට දිනයේදී සත්වෝද්‍යාන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ ඔක්තෝම්බර් මස 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන්.

ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වෝද්‍යානය, හම්බන්තොට සෆාරි යන උද්‍යානයන් සඳහා මෙසේ නොමිලේ ඇතුලුවීමට පහසුකම් සලසා දී ඇති බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී සඳහන් කළේ.

එමෙන්ම ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය පරිශ්‍රයේදී වැඩසටහන් රාශියක් පෙරවරු 8.30 සිට පස්වරු 5.00 දක්වා සංවිධානය කර ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා දිනුෂිකා මානවඩු පවසනවා.

දරුවන්ගේ අධ්‍යාපන දැනුම වැඩි දියුණු කිරීම, ස්වභාවික සම්පත් හා පරිසර සංරක්ෂණ පිළිබඳව ආකල්ප වැඩි දියුණු කිරීම, දූ දරුවන්ගේ හැකියාවන් ඔප් නැංවීම, විනෝදාස්වාදය ලබාදීම වැනි අරමුණු කිහිපයක් මුල් කරගනිමින් මෙම වැඩසටහන් සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

World News

Send your contact Details Today