ශ්රී ලංකාවේ මහමැතිවරණය පැවැත්වීම සඳහා වන දිනය ප්රකාශයට පත්කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මීළඟ නව පාර්ලිමේන්තුව තෝරාගැනීම සඳහා වන මහමැතිවරණය එළඹෙන නොවැම්බර් 14 ( 2024. 11. 14) වැනිදා පැවැත්වීමට නියමිතයි.
මහමැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමේ කාල සීමාව ඔක්තෝබර් 04 වැනිදා සිට 11 වැනිදා දහවල් 12 දක්වා සිදුකෙරෙන බව එම ගැසට් නිවේදනයේ සඳහන්.
අනතුරුව, අභිනව පාර්ලිමේන්තුව 2024 නොවැම්බර් මස 21 වැනි දින රැස්වන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්රයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අත්සන් කරනු ලැබුවේ ඊයේ (24) පස්වරුවේදීයි.
මේ අතර ශ්රී ලංකා වේලාවෙන් අද (25) රාත්රී 7.30ට (යුරෝපිය වෙලාව සවස 5:00ට) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය ඇමතීමට ද නියමිතයි.
එමෙන්ම ජනාධිපතිවරයා විසින් නව රජයේ පළාත් ආණ්ඩුකාරවරුන් 9 දෙනෙකු අද (25) පත්කිරීමට නියමිතයි.