නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් ජනාධිපතිවරයා යටතට ද පත්වනු ඇති.
ආරක්ෂක අමාත්‍යාංශය, මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය , කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජල සම්පත් යන අමාත්‍යාංශ ජනපති යටතට පත්වනු ඇති.
එමෙන්ම අද (24) අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දුන් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය යටතට පත්වන අමාත්‍යාංශ,
අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පලාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, වෙළඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය යටතට පත්වනු ඇති.
අමාත්‍ය විජිත හේරත් මහතා යටතට පත්වන අමාත්‍යාංශ,
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය, පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, ග්‍රාමිය හා නාගරික සංවර්ධන, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශ විජිත හේරත් මහතා යටතට පත්වනු ඇති.
මේ අතර අගමැති ලේකම් ලෙස ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පත්කර තිබෙන අතර අමාත්‍යාශ ලේකම්වරුන් පහත පරිදි වනවා…
- මුදල්, ආර්ථික සංවර්ධන,ප්‍රතිපත්ති සම්පාදන,සැලසුම් හා සංචාරක – මහින්ද සිරිවර්ධන.
- විදේශ කටයුතු – අරුණි විජේවර්ධන.
- අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන හා කම්කරු – ප්‍රදීප් යසරත්න.
- ප්‍රවාහන,මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන් සේවා – කේ ඩී එස් රුවන්චන්ද්‍ර.
- අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ – තිලකා ජයසුන්දර.
- කාන්තා,ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා – කේ.මහේසන්.
- වෙළද,වාණිජ,ආහාර සුරක්ෂිතතා,සමූපකාර සංවර්ධන,කර්මාන්ත සහ ව්‍යවසායකත්ව – එම් එම් නයිමුදීන්.
- ග්‍රාමීය හා නාගරික සංවර්ධන,නිවාස, ඉදිකිරීම් – එම් බී අතපත්තු.
- සෞඛ්‍ය – පාලිත මහිපාල.
- පරිසර,වනජිවි,වන සම්පත්,ජල සම්පාදන,වැවිලි සහ ප්‍රජා යටිතල – ප්‍රභාත් චන්ද්‍රකීර්ති.
- කෘෂිකර්ම,ඉඩම්,පශු සම්පත්,වාරිමාර්ග,ධීවර හා ජලජ සම්පත් – එන් එම් වික්‍රමසිංහ.
- බුද්ධ ශාසන,ආගමික සහ සංස්කෘතික, ජාතික ඒකාබද්ධතා,සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය – රංජිත් ආරියරත්න.
- බලශක්ති – මහාචාර්ය උදයංග හේමපාල.