Latest News

🔴 BREAKING: ශ්‍රී ලංකාවේ නව අගමැතිනිය ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා නව ආණ්ඩුවේ අගමැතිනිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ මීට සුලු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.

හරිනි අමරසූරිය මෙරට 16 වන අගමැති වන අතර තුන්වන කාන්තා අග්‍රාමාත්‍යවරියද වනවා.

මීට පෙර ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ අග්‍රාමාත්‍යවරියන් වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි.

මීට අමතරව ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ හා සෞඛ්‍ය සහ ආයෝජන අමාත්‍යවරිය ලෙසත් දිවුරුම් දී ඇති බව සඳහන්.

මේ අතර ලක්ෂ්මන් නිපුනආරච්චි සහ විජිත හේරත් යන මන්ත්‍රීවරුන්ද අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබෙනවා.

World News

Send your contact Details Today