ජනාධිපතිවරණයට අදාළව නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ජුලි 26 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ලැබුණු පැමිණිලිවලට අදාළවයි.
ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පොලීසියට පැමිණිලි 163 ක් ලැබී තිබෙනවා.
ඉන් පැමිණිලි 119 ක්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ.
ඒ අතර අපරාධම වශයෙන් ගැනෙන පැමිණිලි 54 ක්ද වන බවත් ඔහු පැවසුවා.