Latest News

වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 30,000කට වැඩි පිරිසක් වාර්තා වෙයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 30,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම කාලය තුළ ඩෙංගු මරණ 12ක් සිදුව ඇති බවයි එම ඒකකය පෙන්වාදෙන්නේ.

වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 30,227 දෙනෙකු දිවයින පුරා වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 6,965ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,126 දෙනෙකු වාර්තා වී ඇති අතර යාපනය දිස්ත්‍රික්කයෙන් 3,998 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,441 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.

දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 21ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා.

World News