Latest News

මිහින්තලේ රෝහලෙන් පාසල් දරුවන් පිරිසකට ලබාදුන් එන්නතක් විසවෙයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මිහින්තලේ රෝහලෙන් පාසල් දරුවන් පිරිසකට ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

මෙසේ එන්නත ලබා ගැනිමෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇත්තේ මිහින්තලේ අවට ප්‍රදේශවල පදිංචි වයස අවුරැදු 06 ත් 13 ත් අතර වියේ පසුවන වියේ පාසල් දරුවන් 11 දෙනෙක්.

මෙම සිසුන් අද සෙම් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිම සදහා මිහින්තලය රොහලට ගිය අවස්ථාවේදි එහිදි ලබාදුන් එන්නතක් විස විමෙන් ඔවුන් ආසාධ්‍ය තත්වයට පත්වු බවයි වාර්තා වන්නේ.

එම සිසුන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබෙනවා.

මේවන විට සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

World News