යාපනය – කොඩිකාමම් ප්‍රදේශයේදී වයෝවෘද්ධ මවකට පහරදුන් කාන්තාව සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
කොඩිකාමම්, මන්ඩුවිල් නැගෙනහිර ප්‍රදේශයේ නිවසකදී වයෝවෘද්ධ කාන්තාවකට ලේලිය විසින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වුණා.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ යාපනය ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දී ඇති අතර ඒ පිළිබඳව ඔවුන් පොලීසිය දැනුවත් කර තිබෙනවා.
ඉන් අනතුරුව කොඩිකාමම් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර පහරදුන් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා
පරීක්ෂණවලින් අනතුරුව එම කාන්තාව චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.