Latest News

ශ්‍රී ලංකාවට, ජිනීවාවල දී රටවල් 43ක සහය ලැබෙයි

Published 7 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේ අන්තර්ක්‍රියාකාරී සංවාදය (ID) අතරතුර අදහස් පළකළ රටවල් 43 ක් පමණ ශ්‍රී ලංකාවට සහයෝගීතාවය පළකළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.

බහරේන්, කුවේට්, ඕමානය, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉතියෝපියාව, අයිවරි කෝස්ට්, පිලිපීනය, ජපානය, ලාඕසය, තායිලන්තය, වනුවාටු, කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන ජනරජය, එරිත්‍රියාව, ඉරානය, නේපාලය, ඉන්දියාව, සිම්බාබ්වේ, වියට්නාමය, චීනය, අසර්බයිජානය, ඉන්දුනීසියාව, තුර්කිය, බෙලරුස්, ඊජිප්තුව, වෙනිසියුලාව, මාලදිවයින, කියුබාව, දකුණු සුඩානය, සුඩානය, රුසියානු සමූහාණ්ඩුව සහ බුරුන්ඩි යන රටවල් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවය පළකළ රටවල් අතර වනවා.

මානව හිමිකම් කවුන්සිලය සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව සම්බන්ධ වීම සහ මහකොමසාරිස්වරයාගේ සංචාරය, රට තුළ කවුන්සිලය සමඟ වැඩිදියුණු කළ සහයෝගීතාවයේ සලකුණක් ලෙස ඔවුන් සාදරයෙන් පිළිගත් බවත්, රට තුළ සිදුවෙමින් පවතින ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ ඇතුළුව සැලකිය යුතු වර්ධනයන් සහ ස්පර්ශ්‍ය ප්‍රගතිය පිළිගත් බවත්, ජාතික වශයෙන් හිමිකාරීත්වය දරන ක්‍රියාවලීන් සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමට මානව හිමිකම් කවුන්සිලය සහ අන්තර්ජාතිකප්‍රජාව දිරිමත් කළ බවත් අමාත්‍යාංශය සඳහන් කළා.

සම්පත් සීමාවන් හේතුවෙන් කවුන්සිලයේ වැදගත් නියෝග ඉටුනොවීමේ අවදානමක් ඇති විට, ශ්‍රී ලංකාවට බාහිර යාන්ත්‍රණයට සම්පත් වෙන්කිරීම පිළිබඳව එම රටවල් ප්‍රශ්න කර ඇති අතර, බාහිරව පනවා ඇති සමාන්තර ක්‍රියාවලීන් ධ්‍රැවීකරණය වීමේ අවදානමක් ඇති බව අවධාරණය කර තිබෙනවා.

ඉලක්කගත රටවල් මත රට-නිශ්චිත යාන්ත්‍රණ පැනවීම මානව හිමිකම් කවුන්සිලයේ විශ්වීයත්වය, අපක්ෂපාතීත්වය, වෛෂයිකත්වය සහ තෝරා නොගැනීම පිළිබඳ ආරම්භක මූලධර්මවලට හානිකරන බව ඔවුන් ප්‍රකාශ ර ඇති අතර, රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම සඳහා මානව හිමිකම් ද්විත්ව ප්‍රමිතීන්, දේශපාලනීකරණය සහ උපකරණකරණය පිළිබඳව ඔවුන් කනස්සල්ල පළකර තිබෙනවා.

මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේදී ඵලදායී ප්‍රතිඵල ලබාගැනීම සඳහා කවුන්සිලය තුළ ඵලදායී සංවාදයේ සහ සහයෝගීතාවයේ වැදගත්කම ඔවුන් අවධාරණය කළ බව ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වුණා.

World News

Send your contact Details Today