තවමත් සිනමාශාලා වල තිරගත වන ජනප්රිය සිංහල චිත්රපටයක් වන ‘සිංහබාහු’ වීඩියෝ කර YouTube වෙත උඩුගත කළ බව කියන 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර ප්රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු කටුගස්තොට සීගිරි සිනමාහලේදී පටිගත කළ චිත්රපටයේ වීඩියෝව YouTube වෙත මුදා හැර තිබුණා.
පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසිනුයි ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු මහනුවර ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.