Latest News

පුත්‍රයා සමඟ එකතු වී ගංජා අලෙවි කළ මවක් අත්අඩංගුවට

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගංජා කිලෝ ග්‍රෑම් 80කට අධික ප්‍රමාණයක් සමඟ කාන්තාවක් චාවකච්චේරිය කච්චායි දකුණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊට පෙරදින ක්ෂණික මාර්ග බාධක යොදා මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී ගංජා ග්‍රෑම් 500 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළ බවයි.

අදාළ කාන්තාව සතුව තිබී ගංජා කිලෝ ග්‍රෑම් 87 යි ග්‍රෑම් 616 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 55 හැවිරිදි කච්චායි දකුණ, කොඩිකාමන් ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකාරිය සිය පුත්‍රයා සමඟ ගංජා අලෙවිය සිදුකරන අතර ඒ සඳහා මෙම ගංජා තොගය නිවසේ සඟවාගෙන සිට ඇති බවයි.

World News