ඇමරිකානු ආරක්ෂක අංශ සහ මෙරට ගුවන් හමුදාව එක්ව හමුදා අභ්‍යාසයක් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.
ඇට්ලස් ඒන්ජල් ලෙස නම් කර ඇති අදාළ යුද අභ්‍යාසයේ අරමුණ වන්නේ ස්වභාවික සහ මිනිසා විසින් ඇති කළ ආපදා අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමට සූදානම් වීමයි.
මෙම යුද අභ්‍යාසය සඳහා මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සහ මාලදිවයින් ජාතික ආරක්ෂක හමුදාවද එක්වීමට නියමිතයි.
ලබන 5 වනදා සිට 9 වනදා දක්වා පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය සඳහා හර්කියුලිස් වර්ගයේ ගුවන් යානා දෙකක්ද එක් කිරීමට සැළසුම් කර තිබෙනවා.