Latest News

2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිදු වූ වන අලි මරණ ගැන නවතම වාර්තාවක්

Published 5 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 වසර තුළ මේ දක්වා වන අලි මරණ 350ක් සිදුවී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

පසුගිය වසර තුළදී අලි මරණ 450ක් සිදුව තිබූ අතර මේ වර්ෂයේදී එම ප්‍රමාණය 100කින් අඩුවී ඇති බවයි වනජීවී දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

වනජීවී දෙපාර්තමේන්තුවත් ,පරිසර සංවිධානත් ,වෙනත් විවිධ සංවිධානත් අලින්ගේ ආරක්ෂාව සඳහා සිදු කරන ලද ක්‍රියාදාම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවද වනජීවි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

2024 වසර තුළ මියගිය අලින් 350 දෙනාගෙන් වැඩි ප්‍රමාණයක් මිය ගොස් ඇත්තේ වෙඩි තැබීම් හේතුවෙන්.

එලෙස වෙඩි තබා මරා දමන ලද අලින් සංඛ්‍යාව 70ක් වන අතර විදුලිසැර වැදීමෙන් මිය ගිය අලි සංඛ්‍යාව 50 ක් බවයි වාර්තා වන්නේ.

මිනිසුන් හක්කපටස් යොදා, මරා දමා ඇති අලි සංඛ්‍යාව 35ක් ලෙස සඳහන් වනවා.

මීට අමතරව දුම්රියවල ගැටීමෙන් අලින් 10 දෙනකු මියගොස් තිබුණා.

මෙවන විට ශ්‍රී ලංකාවේ ජීවත්වන අලින් සංඛ්‍යාව 5,879ක් වන අතර මිනිසුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා වාර්ෂිකව මේ ලෙසින් අලින් මිය යෑමට සිදු වුවහොත් අලි ගහනය ඉක්මනින්ම මෙරටින් වඳ වී යා හැකි බවයි වනජීවී දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

World News