අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේනගේ දේහය නුගේගොඩ පිහිටි ඔහුගේ නිවස වෙත අද (25) පෙරවරුවේ රැගෙන එනු ලැබුවා.
පවුලේ ඥාතීන් සඳහන් කළේ, ඔහුගේ දේහය අංක 154/1, පාසැල් මාවත, ගංගොඩවිල, නුගේගොඩ යන ලිපිනයේ හෙට දහවල් දක්වා තැම්පත් කර තැබෙන බවයි.
ඉන් අනතුරුව හෙට සවස 2.00 සිට 5.00 දක්වා ජාතික ගුවන් විදුලි පරිශ්‍රයේ ගෞරව සඳහා තැම්පත් කෙරෙන අතර, අනතුරුව සවස 6.00 සිට සිකුරාදා සවස දක්වා මහජන ගෞරවය පිණිස බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැම්පත් කෙරෙනු ඇති.
අනතුරුව දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු 27 වෙනි සිකුරාදා සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරෙන බවයි ඥාතීන් සඳහන් කළේ.