යාපනය දිස්ත්‍රීක්කය තුළ මේ වන විට සීඝ්රයෙන් මී උණ වෛරසය පැතිරෙමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
මේ වන විට රෝගීන් 89 දෙනෙකු නිශ්චිතව හඳුනාගෙන ඇති බවයි උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය සඳහන් කරන්නේ.
එමෙන්ම පේදුරුතුඩුව රෝහලේ රෝගීන් 21 දෙනෙකු සහ යාපනය ශික්ෂණ රෝහලේ රෝගීන් 11 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ගෙවී ගිය පැය 24 ක කාලය තුළදී දී පේදුරුතුඩුව රෝහලට මී උණ වැළඳුණු රෝගීන් 9 දෙනෙකු සහ යාපනය රෝහලට රෝගීන් 4 දෙනෙකු ඇතුලු වී ප්‍රතිකාර ලබමින් සිටිනබවට සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙනවා.
මේ අතර මී උණ වෛරසය වැළැක්වීම සඳහා ධීවර කර්මාන්තයේ යෙදෙන මිරිදිය කරදිය සියලු ධීවරයින්ට මෙන්ම , ගොවීන්ට, නගරසභා මෙන්ම ප්‍රාදේශීය සභා සනීපාරක්ෂක සේවකයින්ටද ඖෂධ මෙන්ම ප්‍රතිජීවක එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කොට ඇති බවයි වාර්තා වන්නේ.