මෙම වසර අවසාන පොහෝ දිනය හෙවත් උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.
ලොව පුරා බෞද්ධයන් මහත් ශ්‍රද්ධාවෙන් සමරන උඳුවප් පොහොය ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහෝ දිනයක්.
සංඝමිත්තා රහත් තෙරණින් වහන්සේ දින හතක මහුදු තරණයකින් පසු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන දඹකොළ පටුනට වැඩම කරවීම සිදුවූයේ අද වැනි පොහෝ දිනක යි.
දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මාශෝක රජතුමන්ගෙන් කළ ඉල්ලීමට අනුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සමඟින් සංඝමිත්තා රහත් තෙරණියගේ වැඩමකරවීම සිදු වුණා.
සංඝමිත්තා තෙරණින් වහන්සේගේ වැඩමකරවීමත් සමග මෙරට භික්ෂුණී ශාසනයේ පිහිටුවීම ද උඳුවප් පොහෝ දිනයක සිදුවූ බවයි සඳහන් වන්නේ.
ඒ අනුලා දේවීය ඇතුළු කාන්තාවන් පන්සිය දෙනෙකු ශාසනයේ පැවිද්ද ලබා ගැනීමත් සමඟයි.
මේ අතර බුදුරජාණන් වහන්සේ පා පහස ලත් උතුම් සිරිපා වන්දනාව ද ආරම්භ වන්නේ අදට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙදී වීම විශේෂත්වයක්.
ඒ අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවල පුරාණ ශ්‍රී පාද විහාරස්ථානයේ සිට සාධාතුක කරඩුව, සමන්දේව ප්‍රථිමාව සහ දේව ආභරණ ශ්‍රී පාද මළුව වෙත වැඩම කරවීම අද අළුයම සිදුවුණා.