Latest News

සංක්‍රමණික විදේශීය පක්ෂීන් විශාල පිරිසක්, මොනරාගල දිස්ත්‍රික්කයේ වෙල් යායවල්වලට පැමිණෙයි (PHOTOS)

Published 10 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මහ කන්නයේ කුඹුරු අස්වද්දන කාලයට වාර්ෂිකව සංක්‍රමණික විදේශීය පක්ෂීන් විශාල පිරිසක්, මොනරාගල දිස්ත්‍රික්කයේ වෙල් යායවල්වලට පැමිණ සිටින අයුරු මේ දින වල දක්නට ලැබෙනවා.

යාල වනෝද්‍යානය ආසන්නයේ පිහිටි වැව් සහ අමුණු ආශ්‍රිතව තිබෙන කුඹුරු යාය වල්වල සහ බුත්තල දඹකොටේආර, දඹේ වැව, ගෝනගංආර වැව යන වැව් අමුණුවලද මේ දිනවල එම විදේශීය සංක්‍රමණික පක්ෂීන් දැකගත හැකි බවයි Radio WESL වාර්තාකරු සඳහන් කළේ.

විශේෂයෙන් පෙයින්ට් ස්ට්‍රෝක් (Paint Stroke) නමැති විදේශීය සංක්‍රමණික පක්ෂීන් බහුල වශයෙන් දක්නට ලැබෙනවා.

එම පක්ෂින්ගේ සුවිශේෂී රෝස තෘතීය පිහාටු හේතුවෙන් මෙම නම පටබැදී ඇති අතර එම පක්ෂීන්ගේ විද්‍යාත්මක නාමය වන්නේ Mycteria leucocephala යි.

මෙම පක්ෂීන් තෙත් බිම් තැනිතලාවල නිවර්තන ආසියාව දකුණට සහ හිමාලය තුළ ඉන්දියානු උප මහාද්වීපය දක්වා විහිදෙන අතර අග්නිදිග ආසියාවේ ව්‍යාප්තව සිටින බව සඳහන්.

නොගැඹුරු තෙත් බිම්, බෝග ක්ෂේත්‍ර සහ වාරි ඇල මාර්ගවල මෙම කොකුන් කණ්ඩායම් වශයෙන් පෝෂණය වනවා.

කුඹුරු සහ වැව් ආශ්‍රිතව සිටින මත්ස්‍යයින්, කෘමීන්, පණුවන් ආහාරයට ගන්නා මෙම පක්ෂීන් ගෙම්බන් සහ ඉදහිට සර්පයන්ද රැගෙන යන අතර එම පක්ෂීන්ගේ අඩක් විවෘත හොට වතුරේ ගිල්වා ඒවා දෙපැත්තට අතුගා, ස්පර්ශයෙන් දැනෙන කුඩා මත්ස්‍ය ගොඳුරු අල්ලා ගන්නා බව සඳහන්.

ඔවුන් ගමන් කරන විට සැඟවී සිටින මසුන් අල්ලාගැනීම සඳහා ඔවුන්ගේ පාද වලින් ජලය කලවම් කරනු ලබනවා.

Reported By – ළහිරු ගුණතිලක (මොනරාගල)

World News