මතභේදයට තුඩු දී ඇති ශ්‍රී ලාංකික දේවගැති ජෙරොම් ප්‍රනාන්දු, කතෝලික සභාවේ රදගුරුවරයෙකු නොවන බව ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර තිබෙනවා.
ඒ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතා රදගුරු පදවියට පත් කිරීම සම්බන්ධයෙන් මෑතක දී පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.
ඒ අනුව කතෝලික සභාවේ නිල අපෝස්තලික අනුප්‍රාප්තිකයක් නොමැති දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතා කතෝලික සභාවේ රදගුරුවරයෙකු නොවන බවයි ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය වැඩිදුරටත් පැවසුවේ.
එවැනි තොරතුරුවලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සමුළුව සිය අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
කටුනායක ආශ්චර්ය ඩෝම් පරිශ්‍රයේ පැවති උත්සවයකදී දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විශේෂිත ඇඳුමකින් සැරසී පෙනී සිටිමින් පැවැත් වූ උත්සවයක් මෙම ආන්දෝලනාත්මක තත්ත්වය උද්ගතවීමට බලපෑවා.