Latest News

ජොනතන් ට්‍රොට්ට සේවා දිගුවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ජොනතන් ට්‍රොට්ගේ කොන්ත්‍රාත්තු කාලය තවත් මාස 12 කින් දීර්ඝ කර තිබෙනවා.

2024 වසරේ දී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දැක්වූ දක්ෂතා මත ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ට්‍රොට්ගේ නිල කාලය 2022 ජූලි මාසයේ දී ආරම්භ වූ අතර, ඔහු මාස 18ක කාලයක් සඳහා ගිවිසුම් ගත ව සිටියා.

කෙසේ වෙතත් 2024 ජනවාරි මාසයේ දී ඔහුගේ කොන්ත්‍රාත් කාලය අවුරුද්දකින් දීර්ඝ කිරීමට කටයුතු කළ අතර, මේ වනවිට ඔහුට හිමිව ඇත්තේ දෙවැනි දිගුවයි.

ඇෆ්ගනිස්තානය ඔහුගේ පත්වීමෙන් පසුව ඔවුන් ක්‍රීඩා කර ඇති එක්දින තරඟ 34න් 14ක් සහ විස්සයි විස්ස තරඟ 44න් 20ක් ජයග්‍රහණය කරතිබෙනවා.

World News

Send your contact Details Today