Latest News

ශ්‍රී ලාංකිකයෙකුට, ප්‍රංශයේ ජාතික කෞතුකාගාරයක ඡායාරූප ඉඩක් (PHOTOS)

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රි ලාංකිකයෙක් වන කෞෂාල් රණසිංහ, ප්‍රංශයේ ජාතික කෞතුකාගාරයක් විසින් ප්‍රතිනිර්මාණය කරන ඉන්දීය ”සාකුන්තලා” නාට්‍යයේ ප්‍රධාන චරිතයට ජීවය එකතු කරා.

ඒ අනුව, ගෙවුණු 30 (නොවැම්බර් 30) වැනිදා එය අති සාර්ථක අන්දමින් වේදිකාගත වුණා.

ඒ, ප්‍රංශ ජාතික කෞතුකාගාරයක් වන Musée Camille Claudel සමඟ එක්ව Nogent-sur-Seine හිදීයී.

ඉන්දියානුවන් සහ ප්‍රංශ ජාතිකයන් අභිබවා ශ්‍රී ලාංකික නර්තන ශිල්පියෙක්ට ලැබුණු මේ සුවිශේෂී අවස්ථාව සැබවින්ම අගය කළ යුත්තක්.

නොජො සුර් සෙන් camille claudel ජාතික කෞතුකාරයේ කොටසක්, ”සාකුන්තලා” නාට්‍යය වෙනුවෙන් ම වෙන්කර තිබෙනවා.

මෙහි විශේෂත්වය නම්, මේ දක්වා නිර්මාණය වූ සාකුන්තලා නාට්‍යයන්හි ප්‍රධාන චරිත ඇතුළත් ඡායාරූප එහි ප්‍රදර්ශනය කර තිබීමයි.

ඒ අනුව, එම ඡායාරූප අතරට 2024 වසරේ දී වසර හතලිහකට පසු නිර්මාණය වූ සාකුන්තලා හි ප්‍රධාන චරිතය වන දුෂ්‍යන්ත රජුගෙ චරිතය නිරූපණය කළ ලාංකීය නර්තන ශිල්පි කෞෂාල් රණසිංහගේ ඡායාරූප සහ තොරතුරු ද එකතු වනු ඇති.

තමන්ට ලැබුණු මෙම අගනා අවස්ථාව සම්බන්ධයෙන් කෞෂාල් මෙයාකාරයෙන් අදහස් දක්වා තිබුණා…

”මම ආදරයෙන් කරපු චරිතයක්…වසරකට ආසන්න පුහුණුවීම්, ශරීරය චරිතයට අනුව සැකසීම සහ චරිතයට එළඹීම ගැන මා ප්‍රංශයට පැමිණීමෙන් පසු ලබාගත් හොඳම අත්දැකීම මෙය. ඊටත් වඩා ඉන්දියානු නර්තන අධ්‍යක්ෂවරයෙක්, ප්‍රංශයේ ජාතික කෞතුකාගාරයක් සමග මීට පෙර නිර්මාණය වූ ප්‍රංශ ජාතිකයන් ආදරයෙන් වැළඳගත් බැලේ නාට්‍යක්, කතක් සහ semi classical මාධ්‍යයෙන් ගෙන ඒම මට විශාල අත්දැකිමක් සහ ලොකු අභියොගයක් වුණා…”

World News