Latest News

අද රාත්‍රියේදී සෙනසුරු, සඳෙන් වැසෙයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් වන සෙනසුරු ග්‍රහලෝකය, චන්ද්‍රයාගෙන් මුවාවීමේ සංසිද්ධිය අද (24) මධ්‍යම රාත්‍රීයේ පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට ලාංකිකයින්ට අවස්ථාව උදා වනවා.

විරල සිදුවීමක් වන මෙම සංසිද්ධිය නැවත මෙරට ජනතාවට දර්ශනය වන්නේ 2037 වර්ෂයේදීයී.

සෞරග්‍රහ මණ්ඩලයේ යෝධ ග්‍රහයෙක් වන සෙනසුරු, චන්ද්‍රයාගෙන් මුවාවීමේ විරල සංසිද්ධිය අද මධ්‍යම රාත්‍රීයේ උදා වනවා.

ඒ අනුව චන්ද්‍රයා සෙනසුරු ග්‍රහලෝකය ඉදිරියෙන් ගමන් කරන විට එය පෘථිවියට නොපෙනී ගොස්, ආසන්න වශයෙන් පැය එකයි මිනිත්තු විස්සක් පමණ චන්ද්‍රයාගෙන් වැසී පවතිනවා.

මෙය පියවි ඇසින් නැරඹීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව ලැබෙනු ඇති.

World News