Latest News

ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියකට, දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනකු අත්අඩංගුවට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනකු ක්‍රිකට් තරග පාවාදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව ලොන්වබෝ ටෝස්ට්, තාමී සොලෙකිල් හා එති බලාටි යන ක්‍රීඩකයනුයි මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ.

වසර අටකට පමණ පසු දකුණු අප්‍රිකා අපරාධ විමර්ශන අධ්‍යක්ෂ මණ්ඩලය මෙලෙස මුදල් ලබාගෙන තරග පාවාදීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අවස්ථා තුනකදී තරග පාවාදී ඇති බවයි හෙළිව ඇත්තේ.

ප්‍රිටෝරියා විශේෂ වාණිජ අපරාධ අධිකරණයේ පෙනීසිටීමෙන් පසුව බලාටිට එරෙහි නඩුව ලබන පෙබරවාරි 20 දිනට කල් තැබුණා.

අනෙක් දෙදෙනාට අල්ලස් පනත යටතේ නඩු විභාගයක් පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today