Latest News

කායවර්ධන ලෝක ශූරිය යළි ලංකාවට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තායිලන්තයේ පැවති කායවර්ධන ක්ෂේත්‍රයේ වෘත්තීය මට්ටමේ ක්‍රීඩිකාවන් සහභාගී වන , I FBB Pro Leaque තරගාවලියට උස සෙන්ටි මීටර් 168 වඩා උස කාණ්ඩයේ, කාන්තා ෆිෂික්ස් සදරේණු පෙරේරා ක්‍රීඩිකාව යළි ශ්‍රී ලංකාවට පැමිණියා.

මෙම තරගාවලිය 30 දින ලෝකයේ වෘත්තීය මට්ටමේ කායවර්ධන ක්‍රීඩිකාවන් 400 ක ගේ පමණ සහභාගීත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණා.

රණවිරු දියණියක වන කළුතර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තාරකා සදරේණු පෙරේරා රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබූ අතර මෙම ජයග්‍රහණයත් සමඟ ඇයට ඇමෙරිකා එක්සත් ජනපදයේ පවත්වන ” ඔලිම්පියා ” ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ද හිමි වී තිබෙනවා.

තාරකා සදරේණු පෙරේරා ක්‍රීඩිකාව ඉකුත් 2022 වසරේ පැවති ජාතික ආධුනික කායවර්ධන ශූරතා තරගාවලියේ දී , ජාතික ශූරිය බවට පත් වී සිටියා.

ඇය පිළිගැනීම සදහා තාරකාගේ මව ඇතුළු පවුලේ සමීපතම ඥාතීන් පිරිසක් සහ ඇයගේ පුහුණුකරු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

World News

Send your contact Details Today