Latest News

2024 වසරේ මලල ක්‍රීඩක සහ ක්‍රීඩිකා සම්මාන ද්විත්වය ලන්දේසි රාජ්‍යයකට හා බොට්ස්වා රාජ්‍යයට (VIDEO)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2024 වසරේ මලල ක්‍රීඩක සහ ක්‍රීඩිකා සම්මාන සඳහා මෙම වසරේ දී ඔලිම්පික් ශූරත්වයට පත් වූ බොට්ස්වා ශූරයෙකු සහ ඉතියෝපියාවේ සිෆාන් හසන්ට හිමි ව තිබෙනවා.

මෙම සම්මාන උලෙළ මොනාකෝ රාජ්‍යයේ දී ඊයේ (01) අති උත්කර්ෂවත් ව පැවැත්වුණා.

එහිදී 2024 පැරිසියේ පැවති ඔලිම්පික් තරගාවලියේ දී පිරිමි මීටර් 200 ඉසව්ව නියෝජනය කරමින් රන් පදක්කම දිනූ ටෙබෝගෝ විසින් ඔලිම්පික් පදක්කම් තුනක් දිනා ගැනීමේ කුසලතාව වෙනුවෙන් මෙම වසරේ විශිෂ්ටතම මලල ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තා.

එමෙන්ම මෙම වසරේ විශිෂ්ටතම මලල ක්‍රීඩිකා සම්මානය හිමිවූයේ නෙදර්ලන්ත ධාවක ක්‍රීඩිකාවක් වන සිෆාන් හසන්ටයි.

ඇය උපතින් ඉතියෝපියානු සම්භවයක් තිබුණ ද, කුඩා කල සිටම ජීවත් ව ඇත්තේ නෙදර්ලන්තයේ බැවින් ඇය මේ වනවිට ලන්දේසි සම්භවයකට ද හිමිකම් කියනවා.

ඇය ද පැරිස් ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 5,000 ඉසව්වෙන් ලෝකඩ පදක්කම් 02ක්, මීටර් 10,000 දිවීමෙන් රන් පදක්කමක් ද දිනාගනිමින් ඉතියෝපියානු ලෝක වාර්තාවක් තබා සිටි ටිජිස්ට් අසේෆාගේ වාර්තාව ද බිඳ දැමීමට සමත් වුණා.

සම්මානය ලබා ගැනීමෙන් පසු හසන් පැවසුවේ “මම මෙය ජයග්‍රහණය කරනු ඇතැයි කිසි විටෙකත් නොසිතුවෙමි. මේ අවුරුද්ද පිස්සුවක්…” යනුවෙන්.

World News

Send your contact Details Today