Latest News

ඔබේ ජිවිතයේ අවසන් දිනය ගැන කියන “මරණයේ ඔරලෝසුව”

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පුද්ගලයකුගේ දින චර්යාව මත පදනම්ව එම පුද්ගලයාගේ මිය යන දිනය පිළිබඳ අනාවැකි පළ කළ හැකි කෘතිම බුද්ධියෙන් බල ගැන්වුණු “මරණයේ ඔරලෝසුව” නම් යෙදුම පිළිබඳ බොහෝ දෙනා අතර මේ වනවිට කතා බහට ලක්ව තිබෙනවා.

“මරණයේ ඔරලෝසුව” යෙදුම පසුගිය ජූලි මාසයේදී කෘතීම බුද්ධියෙන් බල ගන්වා මුදා හැරි අතර මේ වනවිට පරිශීලකයන් 125,000 කට වැඩි පිරිසක් එය Download කරගෙන තිබෙන බවයි පැවැසෙන්නේ.

මෙම වැඩසටහනට සෞඛ්‍යයට උනන්දුවක් දක්වන්නන් පමණක් නොව ආර්ථික විද්‍යාඥයින්ගේ සහ මූල්‍ය සැලසුම්කරුවන්ගේද අවධානයද හිමිව තිබෙන බව සඳහන්.

කෘතීම බුද්ධියෙන් බල ගැන්වීමත් සමග වඩාත් නිවැරදි අනාවැකි කීමට “මරණයේ ඔරලෝසුවට” හැකියාව තිබෙන බව සඳහන් වනවා.

“මරණයේ ඔරලෝසුව” වැඩසටහන “මෝස්ට් ඩේස්” නම් වැඩසටහනේ නිර්මාතෘ මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රෙන්ට් ෆ්‍රැන්සන්ගේ නිර්මාණයක්.

මිලියන 53ක පමණ සහභාගිවන්නන් සමඟ ආයු අපේක්ෂා අධ්‍යයන 1,200කට වැඩි සංඛ්‍යාවක දත්ත කට්ටලයක් මත “මරණයේ ඔරලෝසුව” බලගැන්වුණු කෘතීම බුද්ධිය පුහුණු කර ඇති බවයි පැවසෙන්නේ.

මරණය සිදුවිය හැකි දිනය පුරෝකථනය කිරීමට එය පුද්ගලයකු ගන්නා ආහාර, ව්‍යායාම, ආතති මට්ටම් සහ නින්ද පිළිබඳ තොරතුරු භාවිතා කරනු ලබනවා.

කෙසේ නමුත් කෘතිම බුද්ධිය සැමවිටම නිවැරදි නොවන බව පවසමින් “මරණයේ ඔරලෝසවට ” මේ වනවිට විවේචන රාශියක් එල්ල වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

World News

Send your contact Details Today