පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක භාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා පහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
යාපනය, කොළඹ වැනි නගරවල වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බවයි එම සංවිධානය සඳහන් කළේ.
නුවරඑළිය හා බදුල්ල යන නගරවල වායු ගුණාත්මක දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පවතින බව ද සඳහන්.
සාමාන්‍යයෙන් වායු දර්ශක අගය 50ට අඩුවෙන් පැවතිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
නමුත් යාපනය දිස්ත්‍රික්කයේ වායුගුණ තත්ත්ව දර්ශක අගය පවතින්නේ 130ක් ලෙසයි.
කොළඹ නගරයේ වායුගුණ තත්ත්ව දර්ශක අගය 120 ක් ලෙස සටහන් වනවා.
මෙම තත්ත්වය හමුවේ ස්වසන අපහසුතා පවතීනම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක, ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා ජනතාවට දැනුම් දෙන්නේ.