නත්තලට මසකට අඩු කාලසීමාවක් තිබියදී ඔස්ට්‍රේලියානුවන්ගෙන් නත්තල් සීයාට ලැබී ඇති ඇමතුම් සංඛ්‍යාව 14,500 ඉක්මවා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය නොවැම්බර් 20 වනදා සිට ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සීයා වෙත ඇමතුම් ලබා ගැනීමට අවස්ථාව හිමිවූ අතර උත්තර ධ්‍රැවය දක්වා දිවෙන මෙම දුරකතන මාර්ගය නිල වශයෙන් විවෘතව තිබුණූ බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ.
#HO HO HO (#46 46 46) යන දුරකතන අංකයට Telstra Payphone භාවිතයෙන් ඇමතුමක් ලබා ගැනීම තුළින් ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සීයා සමග කතා කිරීමට අවකාශය හිමිවනවා.
ඔස්ට්‍රේලියාව පුරා තිබෙන Telstra Payphone භාවිතයෙන් නොමිලේම මෙම අත්දැකීම ලබා ගැනීමට හැකියාව ඇති අතර මෙල්බන්, සිඩ්නි සහ බ්‍රිස්බන් හි තිබෙන Telstra වෙළද සැල්වලට පැමිණීමෙන් ද ඔස්ට්‍රේලියානුවන්ට නත්තල් සීයා සමග සම්බන්ධ වීමට අවස්ථාව හිමි ව තිබෙනවා.
Telstra Payphone වාර්තා අනුව ඔස්ට්‍රේලියානු දරුවන් රැසක් මේ වන විට උත්තර ධ්‍රැවයේ සිටින නත්තල් සීයා හා සම්බන්ධ වී ඇති බව සදහන්.
දෙසැම්බර් 24 වැනිදා දක්වා මෙම සේවාව ක්‍රියාත්මක වන අතර ඔස්ට්‍රේලියානු ළමුන් වැඩි දෙනෙක් මෙවර නත්තල් සීයා හා සම්බන්ධවීමට සූදානම් බවයි වාර්තා වන්නේ.
කුඩා ළමුන්ට නත්තල් සීයා සමග අවශ්‍ය ඕනෑම දෙයක් ගැන සාකච්ඡා කිරීමට මේ ඔස්සේ අවස්ථාව හිමි වන බව වැඩිදුරටත් වාර්තා වනවා.