Latest News

ශ්‍රී ලංකාවේ වායු ගුණත්වය පහළට

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වායු ගුණත්වය පහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

පසුගියදා ඇති වූ අධික වර්ෂාපතන තත්ත්වයත් සමඟ එය පහළ යෑමක් පෙන්නුම් කරන බවයි එම අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකය 50 අඩු අගයක තිබිය යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ වනවිට පවතින තත්ත්වය මත දිවයිනේ බොහෝ ප්‍රදේශවල මීදුම් තත්ත්වයකට සමාන දූවිලි තත්ත්වයක් දක්නට ලැබෙන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

අහිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු සහ අන්තර් දේශ සීමාවේ තිබෙන වායු දූෂකකාරක රටට ඇතුළුවීම මීට හේතු වී තිබෙනවා.

කෙසේ වෙතත් හෙට (30) දිනය වනවිට මෙම තත්ත්වය පහව යනු ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කර සිටියා.

වායුවේ පවතින අහිතකර තත්ත්වය හේතුවෙන් ස්වසන අපහසුතා ඇති පුද්ගලයින් ප්‍රවේශම්වීම වැදගත් බව ද මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

World News

Send your contact Details Today