ක්ලබ් වසන්ත නමැති ව්‍යාපාරිකයා ඝාතනයට ලක්වූ අතුරුගිරිය ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමට සහය දුන් සැකකරුවන් අතුරුගිරිය සහ බත්තරමුල්ල ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් බවයි.
වෙඩි තැබීමට යොදාගත් එක් වෙඩික්කරුවෙකු සහ මෝටර් රථයේ රියදුරු කොරතොට සිට වැලිහිඳ දක්වා වෑන් රථයකින් ප්‍රවාහනය කර ඇත්තේ එක් සැකකරුවෙකු විසින් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා ගමන් සඳහා සූදානම් කර තිබූ බස් රථයකට ගොඩවී ඇති බවට ඔහු සහතික වී පසුව වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබෙනවා.
දෙවැනි සැකකරු වෙඩික්කරු සහ මෝටර් රථයේ රියදුරු බස් රථය යොදාගෙන වැලිහිඳ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ දික්වැල්ල දක්වා ධාවනය කර ඇති බවත් ඔවුන් බස්සවා බස් රථය සෙල්ල කතරගම ප්‍රදේශයේ සඟවාගෙන ගොස් ඇති බවත් වාර්තා වනවා.
දෙවැනි සැකකරු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සමඟ සන්නිවේදනය කර ඇති බවත් ඔහුගේ ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇති බවයි විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිපැන්න සහ අහුන්ගල්ල ප්‍රදේශවල පදිංචි අවුරුදු 26 සහ 36 යන වයස්වල පසුවන්නන්.
බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සහ අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වනවා.