ශ්‍රී ලංකාවේ වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින කැළඹිලිකාරි ස්වභාවය හේතුවෙන්.
මේ හේතුවෙන් කොළඹ නගරය මෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඉහළ අහස මීදුම් වලාවක් මෙන් දිස්වනවා.
කොළඹ, අනුරාධපුරය, පොළොන්නරුව සහ යාපනය යන නගරවල වායු ගුණ තත්ත්ව දර්ශකය ශරීරයට අහිතකර මට්ටම වන 150 මට්ටම ඉක්මවා වාර්තා වී තිබෙනවා.
එසේම, නුවරඑළිය හැර අනෙක් සියලු දිස්ත්‍රික්කවල වායු ගුණ තත්ත්ව දර්ශකය ශරීරයට සුලු වශයෙන් අහිතකර මට්ටම වන 100 ඉක්මවා වාර්තා වී ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරිය ප්‍රකාශ කළේ.
මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට ස්වශන අපහසුතා ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් සදහා යොමුවන ලෙසයි එහි මාධ්‍ය ප්‍රකාශක අජිත් ගුණවර්ධන කියා සිටියේ.