කලා වැව රක්ෂිතයේ සැරිසැරූ විශාලම දළ යුගලය හිමි ඇතා ලෙස සැලකෙන “දීඝ දන්තු 01” නැමැති ඇතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනුරාධපුර – ගල්කිරියාගම ආඩියාගල ප්‍රදේශයේ නිවසෙක අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී, විදුලි සැර වැදී මෙම ඇතා මියගොස් ඇති බවයි වනජීවි දෙපාර්තමේන්තුව සදහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ආඩියාගල වනජීවි කාර්යාලය සහ පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.
කලා වැව රක්ෂිතයට අමතරව කහල්ල – පල්ලෙකැලේ රක්ෂිතයේ ද මෙම දළ ඇතා සැරිසරා තිබෙනවා.
මීට පෙර රේවත සහ භරණ යන ඇතුන්ද මියගොස් ඇත්තේ විදුලි සැර වැදීමෙන් බවයි වාර්තා වන්නේ.