Latest News

🌦 Adverse Weather SL: මේ දක්වා මරණ 12ක් වාර්තා වෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ.

මේ අතර උතුරුපළාතේ සහ ත්‍රිකුණාමලයේ ඇතැම් ප්‍රදේශවලට මිලීඉටර් 150 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක සඳහන්කර සිටියේ.

උතුරු මුහුදු තීරයේ ධීවර කටයුතුවලින් වැළකී සිටින ලෙසයි ඔහු ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මුලතිව් ප්‍රදේශයට ඇදහැලුණු අතර එය සටහන් වූයේ මිලිමීටර් 133ක් ලෙසයි.

World News

Send your contact Details Today