Latest News

🌦 Adverse Weather SL: අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම් – නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබෙනවා.

එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල් 80,642ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

පුද්ගලයින් 276,550 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර පවුල් 5,305කට අයත් පුද්ගලයින් 16,553 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.

මේ අතර ජලාශ ආශ්‍රිතව පහත්බිම්වල ගංවතුර තත්ත්වයන් තවදුරටත්  පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

විශේෂයෙන් දැඳුරුඔයේ සහ මහවැලි ගගේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් ගංවතුර තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග ඉංජිනේරූ ජි.ඩබ්ලිව්.ඒ.සකුරා දිල්තාරා මහත්මිය සඳහන් කළේ.

මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් යාවත්කාලීන කරන ලද නවතම නිවේදනය ඊයේ (27) පස්වරු 7:00 සිට අද (28) පස්වරු 7:00 දක්වා වලංගු වනවා.

අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)  
    
මහනුවර දිස්ත්‍රික්කය: 
– උඩුදුම්බර
– ⁠උඩපලාත
– ⁠දෙල්තොට
– ⁠ගගවට කෝරළය
– ⁠පාතහේවාහැට
– ⁠හාරිස්පත්තුව
– ⁠පාතදුම්බර
– ⁠යටිනුවර
– ⁠මැදදුම්බර
– ⁠දොළුව
– ⁠උඩුනුවර

කෑගල්ල දිස්ත්‍රික්කය: 
– අරණායක
– ⁠මාවනැල්ල
– ⁠යටියන්තොට

මාතලේ දිස්ත්‍රික්කය: 
– අඹන්ගග කෝරළය
– ⁠රත්තොට
– ⁠උකුවෙල
– ⁠විල්ගමුව
– ⁠නාඋල
– ⁠යටවත්ත
– ⁠පල්ලේපොල
– ⁠ලග්ගල පල්ලේගම
– ⁠මාතලේ

නුවරඑළිය දිස්ත්‍රික්කය: 
– ⁠වලපනේ

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)      

බදුල්ල දිස්ත්‍රික්කය:
– ⁠පස්සර
– ⁠හාලිඇල
– ⁠මීගහකිවුල
– ⁠බදුල්ල
– ⁠බණ්ඩාරවෙල

මහනුවර දිස්ත්‍රික්කය: 
– ⁠තුම්පනේ
– ⁠පූජාපිටිය
– ⁠පන්විල
– ⁠පස්බාගෙ කෝරළය
– ⁠අකුරණ
– ⁠හතරලියද්ද

කෑගල්ල දිස්ත්‍රික්කය: 
– ⁠වරකාපොල
– ⁠රඹුක්කන
– ⁠රුවන්වැල්ල
– ⁠කෑගල්ල
– ⁠ගලිගමුව
– ⁠බුලත්කොහුපිටිය

කුරුණෑගල දිස්ත්‍රික්කය: 
– රිදීගම
– ⁠මාවතගම

නුවරඑළිය දිස්ත්‍රික්කය: 
– ⁠හගුරන්කෙත
– ⁠කොත්මලේ

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ) 
     
බදුල්ල දිස්ත්‍රික්කය: 
– හල්දුම්මුල්ල
– ⁠ඇල්ල
– ⁠ලුණුගල
– ⁠සොරනාතොට
– ⁠කන්දකැටිය
– ⁠ඌව පරනගම
– ⁠වැලිමඩ
– ⁠හපුතලේ

කොළඹ දිස්ත්‍රික්කය: 
– සීතාවක

ගම්පහ දිස්ත්‍රික්කය: 
– අත්තනගල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය: 
– දෙහිඹ්විට
– ⁠දැරණියගල

නුවරඑළිය දිස්ත්‍රික්කය: 
– ⁠අඹගමුව
– නුවර එළිය

රත්නපුර දිස්ත්‍රික්කය:
– ⁠ඉඹුල්පෙ
– ⁠ඕපනායක
– ⁠බලන්ගොඩ
– ⁠රත්නපුර
– ⁠පැල්මඩුල්ල
– ⁠කහවත්ත
– ⁠ඇහැළියගොඩ
– ⁠කුරුවිට

World News