Latest News

තලේබාන් සංවිධානයේ තහංචි මධ්‍යයේ ඇෆ්ගන් කාන්තාවන් ව්‍යාපාර ක්ෂේත්‍රයට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තලේබාන් සංවිධානයේ තහංචි මධ්‍යයේ ඇෆ්ගන් කාන්තාවන් ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමුව තිබෙනවා.

තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට රැකියාවක් කිරීමේ අයිතිය අහිමි වී තිබෙනවා.

ඒ තලේබන්වරුන්ගේ දැඩි ප්‍රතිපත්ති හේතුවෙන්. එහෙත් තමන් සහ තම පවුල නඩත්තු කිරීම සඳහා ඔවුන් ව්‍යවසායකත්වයට යොමුවන ආකාරයක් බහුලව දැකගත හැකියි.

2021 දී තලෙයිබාන් සංවිධානය බලයට පත්වීමෙන් පසු ඇෆ්ගන් කාන්තාවන්ට අධ්‍යාපනය තහනම් කිරීමට හා රැකියා අවස්ථා අහිමි කිරීමට කටයුතු කළා.

මෙලෙස අහිමි වන විට රාජ්‍ය අංශයේ සේවකයන්ගෙන් සියයට 26ක් වූයේ කාන්තාවන්.

පවතින ආර්ථික හා සමාජීය කැලඹීම් මධ්‍යයේ බොහෝ ඇෆ්ගන් කාන්තාවන් තම පවුල් නඩත්තු කිරීමට හා නිදහස ලබා ගැනීමට මාර්ගයක් ලෙස ව්‍යවසායකත්වය වෙත යොමු ව තිබෙනවා.

World News