Latest News

ඊශ්‍රායල – හිස්බුල්ලා සටන් විරාමය හමුවේ ජනතාව විශාල පිරිසක් ආපසු දකුණු ලෙබනනයට

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ක්‍රියාත්මක වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත ආපසු පැමිණෙමින් සිටිනවා.

ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමය ක්‍රියාත්මක වන්නේ මාස 13ක ගැටුම් අවසන් කිරීමේ පියවරක් ලෙසයි.

දහස් සංඛ්‍යාත ලෙබනන සිවිල් වැසියන් සිය නිවෙස් කරා ආපසු පැමිණීමට පටන් ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඊශ්‍රායලය අනතුරු අඟවන්නේ ඇතැම් ප්‍රදේශවලට ආපසු යාම තවමත් ආරක්ෂිත නොවන බවයි.

බීරූට් සිට ප්‍රධාන මහාමාර්ගයේ රථවාහන තදබදයක් ඇති අතර බොහෝ පිරිස් සිය පවුල් ද සමග පැමිණෙන අයුරු දැකගත හැකියි.

සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙස ලෙබනන හමුදාවේ 5,000 ක භට පිරිසක් තවදුරටත් දකුණු ලෙබනනයේ රැඳී සිටිනු ඇති.

World News