Latest News

පාකිස්තානයේ පෝලියෝ හිස ඔසවයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයේ පෝලියෝ රෝගීන්ගේ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ මේ වසරේ ඉහළම අගය වාර්තා කරමින් බවයි එම වාර්තා පැවසුවේ.

එම තොරතුරු හෙළි වී ඇත්තේ පසුගියදා කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයෙන් මාස 20ක් වයසැති බිලිදියකුට පෝලියෝ රෝගය ආසාදනය වූ බව වාර්තා වීමත් සමඟයි.

පෝලියෝ වසංගතය ගෝලීය වශයෙන් තුරන් වූවද, පාකිස්තානයෙන් හා ඇෆ්ගනිස්තානයෙන් පමණක් තවමත් පෝලියෝ වසංගතය ඉතිරිව ඇති බවත් සඳහන්.

පාකිස්තානයේ පෝලියෝ රෝගය සඳහා වන ඉස්ලාමාබාද් ජාතික සෞඛ්‍ය ආයතනය සමඟ එක්ව ජාතික හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය පසුගියදා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ දකුණුදිග කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ දරුවන්ගෙන් ලබාගත් රුධිර සාම්පලවලින් බහුතරයක්ම පෝලියෝ ධනාත්මක බවට තහවුරු වී ඇති බවයි.

පසුගිය වසර කිහිපය පුරා මුඛ මාර්ගයෙන් ලබා දෙන මිලියන 300කට අධික පෝලියෝ එන්නත් ප්‍රමාණයක් සැපයීමට පාකිස්තාන සෞඛ්‍ය බලධාරින් කටයුතු කළද, එරට විවිධ ප්‍රාන්තවල තත්ත්වය තවමත් බරපතළ වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

World News