ජෝර්දානයේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය අසල සිදු වූ වෙඩි හුවමාරුවක් ඇතිව තිබෙනවා.
එහිදී වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු මිය ගොස් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඊයේ රාත්‍රියේ පොලිස් මුර සංචාරයක නිරතව සිටි නිලධාරීන්ට වෙඩික්කරු විසින් වෙඩි තබා ඇති අතර පොලිසිය විසින් නැවත ප්‍රතිප්‍රහාර එල්ල කළ අවස්ථාවේදියි වෙඩික්කරු මියගොස් ඇත්තේ.
වෙඩි තැබීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එරට බලධාරීන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම මේ වන විට තානාපති කාර්යාලය අසල දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.