වඳුරු උණ (Mpox) වසංගත තත්ත්වය, තවමත් ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ඒ, ඉහළ යන ආසාදිතයින් ගණන සහ ගෝලීය ව්‍යාප්තිය මත පදනම්ව බව සඳහන්.
පවතින තත්ත්වය හමුවේ, Mpox සඳහා ඉහළ මට්ටමින් අවදියෙන් සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ස්වාධීන විශේෂඥයින් පිරිසකගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් ඊයේ (22) ජිනීවාහි පැවති හමුවකදී මෙලෙස අනතුරු අඟවා ඇති අතර එය විශේෂ වන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අගෝස්තු මාසයේදී Mpox ගෝලීය අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් මාස තුනකට පසුව යළි මෙලෙස සිහිකැඳවීම නිසායි.
නව වාර්තාවන්ට අනුව, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) සහ අසල්වැසි රටවල මෙම වසරේ mpox රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සඳහන්.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප්‍රිකානු සංගමය ඔක්තෝබර් අවසානයේ අනතුරු අඟවා තිබුණේ, Mpox ව්‍යාප්තිය තවමත් පාලනය කර නොමැති බවත්, එය COVID-19 ට වඩා දරුණු විය හැකි වසංගතයක් විය හැකි බැවින් වළක්වා ගැනීම සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් ලබාදෙන ලෙසයි.