සාමාන්‍යයෙන් තරැ දරැවන් කියන්නේ ඉතා විනෝදකාමී ජීවිත ගතකරන සැපසම්පත් පිරි ජීවිත ගත කරන පිරිසක්.
සිතාරා ගත්තමනේනි කියන්නේ තෙලිගු සුපිරි තරැව මහේශ් බාබුගේ සහ නම්‍රතා ශිරෝද්කර් ගේ දියනිය.
තවම සිතාරට වයස අවුරුදු 12 ක්. නමුත් ඇය බොහොම දක්ශ අවබෝධයෙන් ජීවත් වන දියනියක්.
සිතාරා පසුගිය වසරේ ස්වර්ණාභරණ සන්නාමය වන PMJ සමඟින් නිරූපණ ක්ෂේත්‍රයට පිවිසියා. මෙතරම් තරුණ වියේදී වෙළඳ දැන්වීමක් ලබාගැනීම ගැන කවුරුත් ඇය ගැන ආඩම්බරෙන් අදහස් දක්වනවා.
සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී ආභරණ විදහා දක්වන ඇය කාගෙත් නෙත් සිත් පැහැරගෙන තිබුණේ ඇගේ බෝවන සිනහවෙන්.
සිතාරා කියන්නෙ සමාජ මාධ්‍යවල අතිශය ජනප්‍රිය තරුවක්.
දැනට හයිද්‍රාබාද් හි අධ්‍යාපනය ලබන ඇයගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි මිලියන 2.1 කට අධික අනුගාමිකයින් පිරිසක් රැඳිලා ඉන්නවා.
ඇය නර්තනයට වඩාත් ප්‍රිය කරන අතර ඈ නර්තනයේ යෙදෙන වීඩියෝ Instagram හි මිලියන ගණනකගේ ආකර්ෂණය දිනාගෙන අවසන්.
2019 දී සිතාරා ඉංග්‍රීසි මනඃකල්පිත චිත්‍රපටයක් වන Frozen 2 හි තෙළිඟු අනුවාදයේ Baby Elsa වෙත සිය හඬ ලබා දුන්නා.
ඇය අධ්‍යක්ෂක Vamsi Paidipally ගේ දියණිය සමඟ ‘Aadya & Sitara’ YouTube නාලිකාවක් පවත්වාගෙන යනවා.
ඒවායින් ලැබෙන මුදල් සමාජ සේවාවන් සදහා ලබාදෙන බවයි පැවසෙන්නේ.
ඇගේ සීයා ක්‍රිෂ්ණා ද ප්‍රසිද්ධ නළුවෙකු වූ බැවින්, පවුලේ උරුමය කරගෙන යාමට ඇයට දැනෙන්නේ කෙසේදැයි සාකච්ඡාවකදී සිතාරාගෙන් විමසූ විට, ඇය පැවසුවේ පවුලේ කොටසක් වීම සතුටක් බවයි. ඇය පැවසුවේ,
“මෙම උරුමය ඉදිරියට ගෙන යාමට හැකිවීම ඇත්තෙන්ම සතුටක්. මෙම අපූරු පවුලේ සාමාජිකයෙකු වීමට ලැබීම සතුටක්. මට රඟපාන්න අවශ්‍ය දැයි මගෙන් බොහෝ දෙනා අසනවා. එය මම දැන් බොහෝ දේ සලකා බලමින් සිටින දෙයක්. මම රංගනය සහ නිරූපිකාව යන දෙකටම කැමතියි, නමුත් මට වයස අවුරුදු 12 යි, ඒ නිසා මට තවම විශ්වාස නැහැ ඒ ගැන “
“මගේ අම්මා සැර කෙනෙක්, නන්නා (තාත්තා) මාව ගොඩක් හුරතල් කරනවා.මට මතකයි එයා මුලින්ම මගේ PMJ ඇඩ් එක දැක්කම එයා ඇඩුවා. මගේ අම්මාගෙන් වුණත් මට දැනෙන්නේ එයාගේ විලාසිතා දැනීම මට ලැබුණා කියලා. මට පිස්සු වගේ එයා එයාගේ ඇඳුම් මට වැඩිය තියා ගත්තේ නෑ. මෙතරම් විශිෂ්ට නිරූපණ වෘත්තියක් කළ ඇය මිස් ඉන්දියා දිනූ එක ලොකු දෙයක්. මිස් ඉන්ඩියා හි ඇගේ ඡායාරූප වලට මම කැමතියි.”
වයස 12 ක් උනත් ඇයගේ කතා බහ උනත් බොහෝ සිත්ගන්නාසුළු වන අතරම අර්තවත් ව වචන හසුරවන ආකරය නිසාම සිතාරා බොහෝ දේ උගත් දියනියක බව ප්‍රේක්ෂකයන් පවසනවා.
මහේශ් බාබු තම දියනිය ගැන අදහස් දක්වමින් පවසා තිබුණේ;
“ඇයට ඒ හැකියාව ස්වභාවිකම ලැබී තිබෙනවා. ඇය හැමදේම කරන්නේ තනිවම. ඇගේ හැකියාවන් මාව පුදුමයට පත් කරනවා. තාත්තෙක් විදිහට මට ආඩම්බරයක් දැනෙනවා. මං මගේ දරුවන්ට ඔවුන්ගේ හීනවලට යන්න උදව් කරනවා. බිරිඳ සහ මම ඔවුන්ට උපදෙස් දෙන්නේ නැහැ අනවශ්‍ය අයුරින්. අපි දරුවන්ගේ තෝරාගැනීම් වලට ඉඩ දීලයි තිබෙන්නේ ” යනුවෙන්.





