Latest News

නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට, ස්ත්‍රී දූෂණ චෝදනා

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නෝර්වේ ඔටුන්න හිමි කුමරිය වන මෙට්-මාරිට් කුමරියගේ, 27 හැවිරිදි පුත්‍රයා මාරියස් බෝර්ග් හොයිබි (Marius Borg Høiby) ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 20 හැවිරිදි අදාළ තරුණිය සමඟ මෝටර් රථයක සිටියදී බව සඳහන්.

සිද්ධිය පිළිබඳව කරන ලද විමර්ශනයන්වලදී හොයිබි, එම තරුණිය සමඟ සම්බන්ධයක් නොතිබුණු බවත් ඇයගේ මහල් නිවාසයට හානි කිරීම සහ ඇයට කළ තර්ජනයක් සම්බන්ධයෙන් පමණක් වරද පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහු තමාට එල්ල වන ‘ස්ත්‍රී දූෂණ’ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්.

හොයිබි හට මීට පෙර ද මෙයාකාර චෝදනා එල්ලව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව, කාන්තාවන් තිදෙනෙකු සමඟ මීට ඉහත ඔහු සබඳතා පවත්වා ඇති අතර එම සමීප සබඳතාවලදී ඔවුන්වත් අපයෝජනය කළ බවට චෝදනා ලැබ සිටිනවා.

එමෙන්ම 20 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ද ඔහු චෝදනා ලැබ සිටින බව සඳහන්.

මාරියස් බෝර්ග් හොයිබි උපත ලබන්නේ ඔහුගේ මව වන මෙට්-මාරිට් කුමරිය, ඔටුන්න හිමි කුමරු හාකොන් සමඟ විවාහ වීමට පෙරයි.

ඒ අනුව, හාකොන් කුමරු හොයිබිගේ සුළු පියා වනවා.

එනිසාවෙන් ඔහු නෝර්වේ රජ පෙළපතෙන් පිටත සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

World News