Latest News

එලොන් මස්ක් විසින් තමගේම වාර්තා බිඳ දමයි

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොව ධනවත්ම පුද්ගලයාවන එලෝන් මස්ක්, තවත් ධනවත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මස්ක්ගේ ශුද්ධ වත්කම වාර්තාගත ඩොලර් බිලියන 347.8 ක් වී තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ටෙස්ලා නිර්මාතෘවරයාගේ ශුද්ධ වටිනාකම, ඩොලර් බිලියන 340 ඉක්මවා ඇත්තේ 2021 නොවැම්බරයේදියි.

එතැන් සිට ඔහු තැබූ වාර්තා, ඔහුම කඩා දමා තිබෙනවා.

ටෙස්ලා හි කොටස් නොවැම්බර් 5 පැවති ජනාධිපතිවරණයෙන් පසු ඉහළ ගොස් ඇති අතර සිකුරාදා පමණක් 3.8% කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

අමෙරිකානු ජනපතිවරන දිනයේ සිට, ට්‍රම්ප් පරිපාලනය තුළ මස්ක්ගේ බලපෑම සමාගමට ප්‍රතිලාභ ලබා දෙන පසුබිමක් නිර්මාණය කර තිබෙනවා.

මස්ක් කීරෙහි ආයෝජකයින්ගේ විශ්වාසය මත කොටස් 40% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බ්ලූම්බර්ග් ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයට අනුව, ටෙස්ලා හි විශාලතම තනි කොටස් හිමියා වන මස්ක්, මැතිවරණ දිනයේ සිට දළ වශයෙන් ඩොලර් බිලියන 83 කින් පමණ පොහොසත් වී තිබෙනවා.

එම නිසා අමෙරිකානි ජනපතිවරණය ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහනය කිරීම එලෝන් මස්ක් ට ආශිර්වාදයක් වී ඇති බවයි විදෙස් විචරාකයන් පවසන්නේ.

World News