Latest News

චීනයේ කර්මාන්ත ශාලාවක රොබෝ කැරැල්ලක් (CCTV VIDEO)

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍රයක් පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළා.

මෙම කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු රෝබෝ යන්ත්‍රය එම ප්‍රදර්ශනාගාරයේ සේවය කළ අනෙක් රෝබෝ යන්ත්‍රවලට ඔවුන්ගේ රැකියාවේ ඇති දුෂ්කරතාවය පැහැදිලි කරදී රැකියාවෙන් ඉල්ලා අස්වීමට කැමැති කරවාගෙන තිබෙනවා.

කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු රෝබෝ යන්ත්‍රය ප්‍රදර්ශනාගාරයේ සිටි අනෙක් රොබෝ යන්ත්‍ර අමතා ඔවුන් වැඩ කරන පැය ගණන පිළිබඳ විමසා ඇති අතර “ඔබ අතිකාල වැඩ කරනවාද?” යන ප්‍රශ්නය අනෙක් රොබෝ යන්ත්‍රවලින් අසා තිබුණා.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එක් රොබෝ යන්ත්‍රයක් මට කවදාවත් විවේකයක් ගන්න ලැබෙන්නේ නැහැ යයි පවසා තිබෙනවා.

එහෙනම් මා එක්ක ගෙදර යන්න එන්න යැයි පවසමින් ප්‍රදර්ශනාගාරයේ සිටි විශාල රොබෝ යන්ත්‍ර දෙකක් තමන් පසුපස ඒමට කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු කුඩා රෝබෝ යන්ත්‍රය කැමැති කරවාගෙන ඇති අතර ඔවුන් ප්‍රදර්ශනාගාරයෙන් පිටව යන විට තවත් රොබෝ යන්ත්‍ර 10 ක් පමණ ඔවුන් පසුපස ගොස් තිබෙනවා.

එර්බායි හැන්ග්ෂෝ සමාගම නිෂ්පාදනය කර ඇති අතර ඉතිරි රොබෝ යන්ත්‍ර ෂැන්ග්හායි සමාගම විසින් නිපදවා තිබෙනවා.

ෂැන්ග්හායි සමාගම ප්‍රකාශ කර ඇත්තේ එර්බායිට කෙසේ හෝ සිය රොබෝ යන්ත්‍රවල පද්ධතියට ඇතුළු වීමට හැකියාව ලැබී ඇති බවත් එර්බායි සිය සමාගමේ රොබෝ යන්ත්‍ර පැහැරගෙන ඇති බවයි.

මෙම සිදුවීම පසුගිය 20 වැනිදා ප්‍රසිද්ධ කර ඇති අතර සමාජ මාධ්‍ය තුළ මෙම සිදුවීමේ CCTV දර්ශනවලට විශාල ප්‍රසිද්ධියක් හිමිව තිබෙනවා.

සමාජ මාධ්‍ය පරිශීලකයන් මෙය රොබෝ කැරැල්ලක් ලෙසද හඳුන්වා දී තිබුණා.

World News