Latest News

ලන්ඩ­නයේ ගුව­න්තො­ටු­පොළක බෝම්බ බිය­ක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලන්ඩන් නුවර ගැට්වික් ජාත්‍ය­න්තර ගුවන්තොටුපොළේ හදිසි ආර­ක්ෂක තත්ත්ව­යක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ පස්ව­රුවේ වාර්තා කළා.

සසෙක්ස් ප්‍රාන්ත පොලි­සිය ප්‍රකාශ කර ඇත්තේ ගුව­න්තො­ටු­පො­ළට පැමිණි මගි­යකු සතු ගමන් මල්ල­කින් සැක කට­යුතු තහ­නම් භාණ්ඩ­යක් සොයා ගැනීමෙන් පසු එම තත්ත්වය ඇති වූ බවයි.

එම සැක කට­යුතු භාණ්ඩය යම්කිසි පුපු­රන ද්‍රව්‍ය­යක් බවට සැක පහළවීම හේතු­වෙන් ගුව­න්තො­ටු­පොළේ දකුණු පර්ය­න්තයේ සියලු මගීන් ඉවත් කිරී­මට ආරක්ෂක අංශ පිය­වර ගෙන ඇති අතර, බෝම්බ නිෂ්ක්‍රිය අංශය කැඳ­වී­මට ද සිදුවූ බවයි දෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේ.

මේ හේතුවෙන් ගුව­න්තො­ටු­පොළ ඇතු­ළත සහ පිටත ආර­ක්ෂක කට­යුතු සඳහා පොලිස් සුන­ඛ­යන් ද ගෙන්වා ඇති බව ද වාර්තා වුණා.

ගුව­න්තො­ටු­පොළේ දකුණු පර්ය­න්තයේ මගීන් ඉවත් කිරී­මට පිය­වර ගනු ලැබු­වද, එහි සෙසු පර්ය­න්ත­වල මෙහෙ­යුම් බාධා­ව­කින් තොරව සිදුවූ බවත්, දකුණු පර්ය­න්තය භාවිත කරන බ්‍රිතාන්‍ය ගුවන් සමා­ගම ඇතුළු දෙස් විදෙස් ගුවන් සමා­ගම් කිහි­ප­යක ගුවන් මෙහෙ­යු­ම්ව­ලට පම­ණක් බාධා සිදුවූ බවත් වාර්තා වුණා.

දකුණු පර්ය­න්තය කරා ධාව­නය වන දුම්රිය සේවාව ද තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට බල­ධා­රින් පිය­වර ගෙන තිබුණා.

කෙසේවෙතත් මේ වන විට කලින් තිබූ ආරක්ෂක අනතුරු ඇඟවීම ඉවත් කර ගුවන්තොටුපොළ කටයුතු යථාවත් කර තිබෙන බවයි Tweeter නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන්තොටුපොළ මාධ්‍ය අංශය පවසා ඇත්තේ.

විශා­ල­ත්ව­යෙන් ලන්ඩන් නුවර හීත්රූ ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පො­ළට පම­ණක් දෙවැනි වන ගැට්වික් ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළ වාර්ෂි­කව ගුවන් මගීන් මිලි­යන 40කට සේවය සප­යන අතර, මධ්‍යම ලන්ඩ­නයේ සිට කිලෝ­මී­ටර් 45ක් දකුණු දෙසින් බට­හිර සසෙක්ස් ප්‍රාන්තයේ පිහිටි ලොව වඩාත්ම ජන­ප්‍රිය ගුවන්තොටුපොළක් වනවා.

World News