American Airlines ගුවන් සමාගමට අයත් යානයක සිටි මගියෙක් එක්වරම ඔහුට එම යානයෙන් බැස යාමට අවශ්‍ය බව පවසා තිබෙනවා.
ඒ එම යානය අඩි 30,000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබියදීයි.
එම අවස්ථාවේදී යානය අමෙරිකාවේ Milwaukee හි සිට Dallas Fort Worth දක්වා පියාසර කරමින් තිබූ බවයි CNN පුවත් වාර්තා කරන්නේ.
එම මගියා, ගුවන් යානයේ දොර විවෘත කිරීමට උත්සහ දරා ඇති අතර, ඔහුව වැලැක්වීමට කටයුතු කළ ගුවන් සේවිකාවටද හානි කර ඇති බව සඳහන්.
එම අවස්ථාවේදී ගුවන් මගීන් කිහිප දෙනෙක්, එම මගියා අසලට පැමිණ ඔහුව වලක්වා, මගියා සමග පොර බැද, ඔහුගේ දෙ අත් සහ පාද ඝනකම් ටේප් භාවිතයෙන් එකට බැඳ දමා තිබෙනවා.
ඉන් අනතුරුව යානය නිරුපද්‍රිතව ගොඩබස්සවා ඇති බව සඳහන්.
පසුව FBI සහ ගුවන් තොටුපළ මහජන ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් යානයට ගොඩවී, මෙම කලහකාරී සිද්ධිය ඇති කළ මගියා රඳවා තබාගෙන මානසික ඇගයීමක් සඳහා රැගෙන ගිය බවයි CNN පුවත් වාර්තා කළේ.